Skip to content
Emblem of Sri Lanka
Embassy of Sri Lanka in Riyadh
Official diplomatic mission of Sri Lanka to the Kingdom of Saudi Arabia
Flag of Sri Lanka
රට රැකියාවලට යන අයට රජයෙන් අඩුමිලට ගුවන් ටිකට්පත්
Home News රට රැකියාවලට යන අයට රජයෙන් අඩුමිලට ගුවන්…
Ministry News Srilanka news

රට රැකියාවලට යන අයට රජයෙන් අඩුමිලට ගුවන් ටිකට්පත්

18 Oct 2025 ijazsajjad

රට රැකියාවලට යන අයට රජයෙන් අඩුමිලට ගුවන් ටිකට්පත්

Published: 18 Oct 2025  |  Updated: 18 Oct 2025

විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිලිවෙලට අනුව සහනදායි මිලට ගුවන් ටිකට් පත් නිකුත් කිරීමේ කවුලුවක් අද (10/16) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් නාවල පාර, නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ දි විවෘත කරන ලදී.

මෙහිදී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරිම සිදුකරන අතර ලොව ඕනැම රටක විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලු ශ්‍රමිකයන්ට මෙහිදී අඩුමිලට ගුවන් ටිකට්පත් මිලදී ගත හැකියි.

මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය බී.එස් යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ සභාපති ලාල් හෙට්ටිආරච්චි, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී සේනානායක, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරි ප්‍රසාද් ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

Scroll to Top